Wednesday, August 1, 2007

පොඩි පුතු ඩියෝන්.....

පුරා සඳ සේ දිලෙන
රැ අඳුරු ගගනතේ
සතුට අරගෙන අවුත්
අපේ පොඩ් ලෝකයට...

ලග නැතත් හැම විටම
කිරි සිනා හඬ නුඹේ
හීනයක්‌ සේ ඇසේ
නිබඳවම මගෙ හදට

(2007 ජූලි 29 වෙනිදා මෙලොව එළිය දුටු රන්දුනු පවුලේ දැනට ඉන්න එකම උරුමක්‌කාර චූටි පුතු ඩියෝන් වෙනුවෙන් )

සාලි බාප්පා

පිච්ච මලකට ලියූ කවියක්‌

පිච්ච මලක්‌ දකිමි මම
නිබදවම සිහිනයක..
ඒ සිහිනයේ නුඹයි
මගේ සුදු පිච්ච මල...
නෙතු ඇරෙන කනිසමේ
ඇද හැලෙයි කදුලු කැට..
පියවි සිහියට නැගී
අපට අප නොසතු බව...
ඉතින් ඒ සිහිනයේ
නිබදවම සරන්නට
මට සිතේ නොනැවතිම
නෙතු පියා ගෙන ඉන්න..
පියවි ලෝ සත්‍යයේ
සෝ සුසුම් ගෙනේ මට
ඒත් ඇයි.....? හැමදාම
නුඹ එන්නෙ සිහිනයට....


Tuesday, July 31, 2007

ආදරෙට කෝඩුකාර කාලේ

ආදරය, ආලය කියන දේ ජීවිතේට දැනෙන්න ගන්නෙ වයසට අදාලව නෙවෙයි. හසරක්‌ නොතෙරෙන පුංචි සන්ධියෙදි පවා අපි සිතින් හරි ආදරෙ කියන එක කරනවා... අහසෙ තාරකා අල්ලන්න හිතන තරම් මෝඩයො කාලෙදි උනත් අපි පුංචි පුංචි කෙල්ලො ගැන හිතන් හිටිය එක කාටත් මතක ඇති නේද?
පාසල් ජීවිතේ ගෙවුනු සුන්දර අත්දැකීම් අතර කෙල්ලෙක්‌ පස්‌සෙ නොගිය එකෙක්‌, බූට්‌ එකක්‌ නොකාපු එකෙක්‌ නම් මේ ලෝකෙ නැතිව ඇති..
ඔන්න ඉතින් මූණෙ කුරුලෑවක්‌ එහෙම දාගෙන එන කලෙට තාම ඔය පිස්‌සුව හැදෙන්න ගන්නෙ.. අධ්‍යාපන කටයුතු අස්‌සෙ ඕවා කරන එක නම් පිස්‌සුවක්‌ වගේ සම(හරක්‌)ට දැනෙන්න ඇති... ඒත් ජිවිතෙ තිබුනු ලස්‌සනම කාලේ අඩුම ගානෙ කෙල්ලෙක්‌ ගැන හිතින් වත් මනෝ පාරක්‌ නොගහපු එකෙක්‌ගෙ ජීවිතෙ මෙලෝ රහක්‌ තියෙයිද මම අහන්නෙ

Friday, July 27, 2007

සමාරම්භය

අතුරු දැල නොහොත් අන්තර් ජාලය මගේ ජීවිතයෙම කොටසක්‌ වගේ. යටගිය සත් වසර පුරාවට ගෙවුනු අතීතය සිහිනයක්‌ වගේ...
අදින් අරම්භ කරන මගෙ බ්ලොග් ජීවිතය ගෙවුනු යටගියව වෙනුවෙන් කරන අපූර්ව සැමරුමක්‌ වේවි