Tuesday, July 31, 2007

ආදරෙට කෝඩුකාර කාලේ

ආදරය, ආලය කියන දේ ජීවිතේට දැනෙන්න ගන්නෙ වයසට අදාලව නෙවෙයි. හසරක්‌ නොතෙරෙන පුංචි සන්ධියෙදි පවා අපි සිතින් හරි ආදරෙ කියන එක කරනවා... අහසෙ තාරකා අල්ලන්න හිතන තරම් මෝඩයො කාලෙදි උනත් අපි පුංචි පුංචි කෙල්ලො ගැන හිතන් හිටිය එක කාටත් මතක ඇති නේද?
පාසල් ජීවිතේ ගෙවුනු සුන්දර අත්දැකීම් අතර කෙල්ලෙක්‌ පස්‌සෙ නොගිය එකෙක්‌, බූට්‌ එකක්‌ නොකාපු එකෙක්‌ නම් මේ ලෝකෙ නැතිව ඇති..
ඔන්න ඉතින් මූණෙ කුරුලෑවක්‌ එහෙම දාගෙන එන කලෙට තාම ඔය පිස්‌සුව හැදෙන්න ගන්නෙ.. අධ්‍යාපන කටයුතු අස්‌සෙ ඕවා කරන එක නම් පිස්‌සුවක්‌ වගේ සම(හරක්‌)ට දැනෙන්න ඇති... ඒත් ජිවිතෙ තිබුනු ලස්‌සනම කාලේ අඩුම ගානෙ කෙල්ලෙක්‌ ගැන හිතින් වත් මනෝ පාරක්‌ නොගහපු එකෙක්‌ගෙ ජීවිතෙ මෙලෝ රහක්‌ තියෙයිද මම අහන්නෙ

3 comments:

hashu said...

ආයෙත් අහලා... ඒ කාලේ වගේ කාලයක් ආයෙත් ඒවිද හා.... අම්මපා.. ඉස්කෝලේ කාලේ කරපු හැමදේකම අහිංසක මදාවි කමක් තිබුනා නොවැ. දන්නචනේ ඒ කාලේ, කොල්ලෙක් ඇගේ හැප්පුනත් අපි කරන්නේ පුප්පන එකනේ..
අනේ කොල්ලෝ, එහෙමත් ආතල් කාලයක් හා... කියක්නම් කෙල්ලෝ පස්සේ යන්න ඇතිද නේ... අනේ එහෙම කාලයක් ආයේ එනවනම් කියක් වුනත් ගෙවලා ගන්නේ.... එච්චරම ෆන් කාලේ....

෴ මහේෂ්-ඩී-ජය ෴ said...

ඒ ගැන නම් කියලා වැඩක් නෑ...ආපහු මතක් වෙනකොටත් හරි සතුටක් හිතට දැනෙන්නෙ....

Anonymous said...

මොනව කියනවද ඒ ගැන . ඒ කාලෙ නොකර කවදා කරන්නද ඕවා.